වයඹ දිග අහසේ ග්‍රහ ත්‍රිකෝණයක්


රාත්‍රී අහසේ වඩාත් දීප්තිමත්ව ‍පෙනෙන සිකුරු, සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති හා හිරුට සමීපවම පිහිටි බුධ ග්‍රහයා මේ දිනවල වයඹ දිග අහසේ ත්‍රිකෝණාකාරව දැකිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. හෙට 26 සිට දින කිහිපයක් මෙය හොඳින් දර්ශනය වේ. මෙවැනි දුර්ලභ ග්‍රහ පිහිටීමක් යළි දැකගත හැකිවන්නේ 2021 වර්ෂයේදී බව ද ඒ මහතා කියයි.